Kitchen
කිරි කොස් මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය:
හොඳින් පැසුණු කොස් මැඳුළු 25ක්
කොස් ඇට 25ක්
තුනපහ කුඩු තේ හැඳි 1 1/2ක්
කහ තේ හැඳි 1/2ක්
පොල් මිටි කිරි කෝප්ප 1 1/2ක්
ගම්මිරිස් තේ හැඳි 1/2ක්
වියළි මිරිස් තේ හැඳි 1/2ක්
අමු මිරිස් කරල් 3ක්
උම්බලකඩ කුඩු මේස හැඳි 1ක්
රතුළූණු, කුරුඳු, රම්පෙ, කරපිංචා
අබ ස්වල්පයක්
සාදන ක්‍රමය :
කොස්
මදුළු සෝදා ඇට ගලවා දික් අතට තරමක කැබලි කපා ගන්න. කොස් ඇට තලා පොතු හැර
සෝදා ගන්න. තුනපහ, කහ, අබ, උම්බලකඩ, සුදුළූණු, රතුළූණු, අමුමිරිස්, කුරුඳු,
රම්පෙ, කරපිංචා, වියළි මිරිස්, ගම්මිරිස් ආදිය දමා අතගා දියකිරි දමා ලිප
තබන්න. එය තැම්බී එන විට මිටිකිරි දමන්න. එය පැසෙන විට අවශ්‍ය නම් බැදපු
දුරුකුඩු තේ හැන්දක් පමණ ඉසින්න. අවශ්‍ය නම් මෙය තෙම්පරාදු කිරීමෙන් වඩාත්
රසවත් කළ හැක.
වැදගත් කරුණු :
කොස් ඇට අඩියට දමා තැම්බීම වඩාත් සුදුසු වේ.